G7 වාසි රැගෙන මෛත්‍රී ලංකාවට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

G7 වාසි රැගෙන මෛත්‍රී ලංකාවට

G7 සමුළුවට සමගාමීව ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.

ශ්‍රී ලාංකිකයන් වෙත ආර්ථික වාසි රාශියක් ලබා දෙන පදනමක් ලෙස G7 සමුළුව හැඳින්විය හැකි බව ජනාධිපතිවරයා සමග සංචාරයට එක් වී සිටින අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

ශ්‍රී ලංකාව වෙත ඩොලර් කොටි තුන්සිය පනහක ආධාර ලබා දීමට ජපාන අගමැතිවරයා එකඟ වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපානයේ ප්‍රමුඛ පෙළ සමාගම් කීපයක ප්‍රධානීන් අතර හමුවක් සිකුරාදා නගෝයා නගරයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.