විශ්වාස භංග යෝජනාව පරාදයි

Image caption ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.

චෝදනා කීපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් හත් දෙනෙකු විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 51 ලැබී තිබුණු අතර විපක්ෂව 145 ක් ලැබී තිබුණි. මේ අනුව වැඩි ඡන්ද 94 කින් යෝජනාව පරාජයට පත්විය.

මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳව අද (09 වැනිදා) පැවති විවාදය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු 28 දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනුණු ලක්ෂණයක් විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර