මොහමඩ් අලි අවසන් ගමනේ

Image caption අලි සිය ළමා විය ගෙවූ නිවසින් සමු ගනිමින්

ලෝක නායකයන් ද ඇතුළුව දස දහස් සංඛ්‍යාත ශෝකී ජනකායක් ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් ( Louisville) නගරයට මේ වන විට එක්රැස් වෙමින් සිටිති.

දිවියෙන් සමුගත් බොක්සිං විරුවා වන මොහමඩ් අලි ගේ අවමඟුල් උළෙල සඳහායි එම ජන සහභාගිත්වය සිදු වෙන්නේ.

මියගිය ක්‍රීඩා දැවැන්තයාගේ ඥාතීන් සහ මිතුරන් ද ලුවිස්විල් හි එක්රැස් වූ ජනතාව අතර සිටිති.

මොහමඩ් අලි ළමා වියේ ජීවත් වූ නිවසේ සිට ගමන් ආරම්භ කරන පෙරහැර අවමඟුල් උළෙල පැවැත්වෙන ක්‍රීඩාංගණය කරා ලඟා වීමෙන් අනතුරුව ඔහු ඇදහූ ආගම වන ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන කුරානයේ පාඨ කියැවීම ආරම්භ කෙරෙනු ඇත.

Image caption දැවන්තයකුට මහජන උපහාරය

පසුගිය සියවසේ විශ්වයේ ජීවමාන මහා දැවැන්ත චරිත අතර මුල් තැනක් හිමි කර ගනු ලබන මොහොමඩ් අලි බොක්සිං ක්‍රීඩා වළල්ල තුළ ලද විජයග්‍රහණ වලට අමතරව ඉන් පිටත ඉටු කරන ලද සමාජ යුක්තිය වෙනුවෙන් අද අවමඟුල් උළෙලේ දී උපහාර ලබනු ඇත.

මොහොමඩ් අලි අවමඟුල් උත්සවයේ ගුණ කතාව කරනු ලබන්නේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර