ඉන්දුනීසියාවේ අතරමං වූ ලාංකික අනාථයන්ට සරණක් නෑ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දුනීසියාවේ අතරමං වූ ලාංකික අනාථයන්ට සරණක් නෑ

ඉන්දුනීසියාවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් පිළිබඳව, එරට බලධාරීන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙතෙක් කිසිදු තීරණයකට එළඹ නැති බව ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

වෙරළාසන්නයේ කුඩාරම් සහිත කඳවුරක රඳවා සිටි මෙම සරණාගතයන් මේ වන විට රට තුළ පිහිටි ස්ථිර ගොඩනැගිල්ලකට යවා ඇති බවයි ජකර්තා නුවර සිටින බීබීසී වාර්තාකරු ගින් ගිනන්ජර් පවසන්නේ.

මෙම සරණාගතයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍රයක් හෝ වෙනත් ලියවිල්ලක් නොමැති බවද ඔහු පැවසීය.

තැරැව්කරුවන් එම ලියවිලි සියල්ල රැගෙන ගොස් ඇති බවයි සරණාගතයන් පවසා ඇත්තේ.

මෙම සරණාගතයන් තවමත් ඔස්ට්‍රේලියාව බලා යා යුතු බව එකහෙලාම ප්‍රකාශ කරන බව බීබීසී වාර්තාකරු පවසයි.

නමුත් ඔවුන් පැමිණි බෝට්ටුව පාවිච්චියට ගත නොහැකි මට්ටමට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.