ඩිලාන් පෙරේරා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිල්රුක්ෂි ඉල්ලා අස්වීම 'තොප්පිය දමා ගැනීමක් විය හැකියි'

  • 2016 ඔක්තෝබර් 17

ජනාධිපතිවරයා පසුගියදා කළ කතාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට ඇඟිල්ල දිගු නොකළ ද, ඇයගේ ඉල්ලා අස්වීම 'තොප්පිය දමාගැනීමක්' විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ ජනාධිපතිවරයා පසුගියදා කළ කථාවෙන් කිසිවිටෙකත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට චෝදනා නොකළ බවය.

"එතුමිය ඉල්ලා අස්වෙච්ච හේතු අහන්න ඕන එතුමියගෙන්. ජනාධිපතිතුමාගේ කතාව ඊට හේතුවක් වෙන්න බැහැ. මොකද ජනාධිපතිතුමා කාටවත් ඇඟිල්ල දිගු කළේ නැහැ. තොප්පිය හරි කට්ටිය තොප්පිය දාගෙන තියෙනවා," ඔහු පැවසීය.

"මම කියන්නේ කිසිම චෝදනාවක් නැත්නම් ඇයි ඒ වගේ දක්ෂ නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ."

ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉලක්ක කරගනිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට හේතුවුයේ ආණ්ඩුවට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට අල්ලස් කොමිසම ක්‍රියාමාර්ග ගැනීම නිසා නොවේදැයි කළ විමසීමට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකලාපය පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී බිබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍ය ඩිලාන් පෙරේරා ලබාදුන් දුන් පිළිතුරු සඳහා ඉහත වීඩියෝව නරඹන්න.