'එඬරු ඇට කෑ' පාසල් දරුවන් රෝහලේ

  • 2017 පෙබරවාරි 3
එඬරු ශාකය Image copyright Dinamina.lk

පාසලේදී කෑ ඇට වර්ගයක් විෂ වී බිංගිරිය රෝහලට ඇතුලත් කෙරුණු ළමුන් 15 දෙනකුගෙන් 12 දෙනකු බරපතල තත්වයේ සිටි බැවින් ඔවුන් වහාම හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබේ.

බිංගිරිය කඩිගමුව ප්‍රදේශයේ පාසලකදී නොදන්නා ඇට වර්ගයක් අනුභව කළ බව හලාවත මහ රෝහලේදී බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ දරුවෝ පැවසූහ.

ගණිත පාඩමක් සඳහා පාසලට ඇට වර්ග රැගෙන එන මෙන් ගුරුවරුන් හතර වසරේ දරුවන්ගෙන් කළ ඉල්ලීමට අනුව දෙමාපියන් විසින් එම දරුවන්ට ඇට වර්ග ලබා දී තිබේ.

එහිදී එක් දැරියක එඬරු ඇට රැගෙනවිත් තිබෙන බවත්, එම දැරිය අනෙක් දරුවන් සමග එක්ව එඬරු ඇට අනුභව කර ඇති බවත් රෝහලේදී අනාවරණය වී තිබේ.

තමන් එඬරු ඇට කෑ අවස්ථාවේදී ගුරුවරියද එඬරු ඇට කෑ බවත් දරුවෝ පවසති.

සබැඳි විෂයයන්