ඔස්ට්‍රේලියානු කතෝලික පල්ලියට ළමා අපචාර චෝදනා

  • 2017 පෙබරවාරි 6
Image caption ඕස්ට්‍රේලියාවේ කතෝලික පූජකවරුන්ගෙන් සියයට හතක් ළමා අපචාර සිදුකර ඇති බවට චෝදනා ලබති.

ඔස්ට්‍රේලියාව තුළ ළමා ලිංගික අපචාර මහා පරිමාණයෙන් සිදු කරනු ලැබ ඇති බව ඒ සම්බන්ධයෙන් දියත් කෙරුණු පුළුල් පරීක්ෂණයක දී හෙළිදරව් වී ඇත.

වසර හැටක කාල පරිච්ඡේදයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ කතෝලික පූජකවරුන්ගෙන් සියයට හතක් ළමා අපචාරවල යෙදී ඇති බවට චෝදනා ලබති.

එක් කතෝලික නිකායක් තුළ සිදුකර ඇති ළමා අපචාර සංඛ්‍යාව සියයට හතළිහකට වැඩි බව ඉහත කී පරීක්ෂණයේ දී හෙළිදරව් විය.

පරීක්ෂකයන් ආගමික නොවන ආයතනයන්හි ළමා ලිංගික අපචාර කෙරෙහි ද අවධානය යොමුකර ඇති නමුත් හෙළිදරව් වී ඇති සිද්ධීන්වලින් තුනෙන් දෙකක්ම කතෝලික පල්ලියට සම්බන්ධ ඒවා වෙති.

1980 දශකයේ පටන් ළමා අපචාරවලට ගොදුරුවූවන් හාරදාස් පන්සියයකට අධික සංඛ්‍යාවක් පරීක්ෂණය ක්‍රියාත්මක කළ රාජකීය කොමිසම විසින් හඳුනාගනු ලැබ ඇත.

අගරදගුරුවරුන් හයදෙනකු ද ඇතුළුව ඕස්ට්‍රේලියාවේ ඉතා බලවත් කතෝලික නායකයන් රැසක් එම රාජකීය කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිතය.සම ඉදිරියේ සාක්ෂි දීමට නියමිතය.වේ ඉතා බලවත් කතෝලික නායකයන් රැසක් එම රාජකීය කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිතය.