'ඇම්බැසඩර්' මෝටර් රථ පර්ජෝ සමාගමට

  • 2017 පෙබරවාරි 12
The Ambassador was not renowned for its handbrake or steering lock Image copyright AFP

හින්දුස්ථාන් මෝටර්ස් සමාගම විසින් සිය 'ඇම්බැසඩර්' රථ ප්‍රංශයේ පර්ජෝ සමාගමට විකුණා ඇති බව බලධාරීහු පවසති.

කලක් ඉන්දියාවේ අමාත්‍යවරුන් අතර ජනප්‍රියම මෝටර් රථයක් වූ 'ඇම්බැසඩර්' රථ නිෂ්පාදනය 2014 සිට නවතා දමා තිබුණි.

ඩොලර් මිලියන දොළහක මුදලකට එය මිලදීගත් පර්ජෝ සමාගම 'ඇම්බැසඩර්' රථ නිෂ්පාදනය කිරීම යළිත් ආරම්භ කරනු ඇතිදැයි යන්න පැහැදිලි නැත.

Image copyright AFP

බ්‍රිතාන්‍යයේ මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයේ ආකෘතිය මත නිර්මාණය කෙරුණු 'ඇම්බැසඩර්', දශක තුනක් මුළුල්ලේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය විය.

ඉන්දියාවේ වෙළඳපොළට ඇතුළුවීමට කලක් මුළුල්ලේ උත්සාහයක යෙදුනු පර්ජෝ සමාගම, 90 ව දශකයේ අගභාගයේදී ඉන්දීය ආර්ථිකය විවෘත වූ අවස්ථාවේ ඉන්දියාවට මුලින්ම ඇතුළු වූ විදේශීය මෝටර් රථ නිෂ්පාදකයෙකි.

Image copyright AFP
Image caption 'ඇම්බැසඩර්' ටැක්සි ඉන්දියාවේ තවමත් සුලභ දසුනකි

'ඇම්බැසඩර්' රථයක හිමිකරු වීම 1960 සිට 80 ව දශකයේ අගභාගය දක්වා ඉන්දියාවේ සිය තත්වය ප්‍රදර්ශනය කරන සංකේතයක්ව පැවතුනි.

එවකට වසරකට සාමාන්‍යයෙන් මෝටර් රථ 20,000 ක් අලෙවි වූ නමුත් 2014 වනවිට එය වසරකට 2000 ක් දක්වා පහත වැටී තිබුණි.

සබැඳි විෂයයන්