පළාත්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළාත් පාලන ඡන්දය: අගතිය කාටද?

  • 2017 මාර්තු 15

පළාත් පාලන ඡන්දය ප්‍රමාදවීම එක් පාර්ශවයකට පමණක් නොව රටේ සියලුම ජනතාවට බලපාන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම ප්‍රමාදවීම හේතුවෙන් තමන්ට යම් අගතියක් සිදුවන බවට ඇතැම් පාර්ශව විසින් සිදුකරනු ලබන ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

නව ක්‍රමවේදයකට අනුව මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පරණ ක්‍රමයටම එය පැවැත්වීමේ බලය තමන් සතුව පවතීදැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පෙන්වා දුන්නේ නීති සැකසීමේ බලය පාර්ලිමේන්තුව සතු බවය.



"මගේ අදහස තමයි අපට ඕන ක්‍රමයකට ඡන්දය තියනවා, නමුත් පාර්ලිමේන්තුව තමයි නීති පනවන්න ඕන" යනුවෙන් ඔහු කියා සිටියේ අද (මාර්තු 15) මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ නමුත් සීමා නිර්ණය කමිටුව මගින් සකස්කර තිබෙන පළාත් පාලන ආයතන සීමාවන් මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොමැත.

සබැඳි විෂයයන්