සම අයිතිය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ආණ්ඩුව පොරොන්දු ඉටු කරලා නැහැ"

  • 2017 මාර්තු 17

වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතව ඇතත් උතුරේ ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අසමත් වී ඇති බව සම අයිතිය ව්‍යාපාරය පවසයි.

උතුරේ සහ දකුණේ පැහැර ගෙන යෑමට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් මුල් අයිතිකරුවන්ට යළි පවරා දීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් සම අයිතිය ව්‍යාපාරය ඇතුළු බහුජන සංවිධාන කීපයක් එක්ව අද (මාර්තු 17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවක් දියත් කළහ.

එහිදී අදහස් දක්වමින් සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවින්ද්‍ර මුදලිගේ කියා සිටියේ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර සමග එක්වෙමින් උතුර දකුණ ඒකාබද්ධ කරන පුළුල් ජනතා අරගලයක් බවට සිය විරෝධතාව ඉදිරියට ගෙනයන බවය.

කෙසේ නමුත් ආණ්ඩුව පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් නොමැති බවය.