සිරියානු ගැටුම : ඉවත්කරගත් රැසක් පිපිරීමකින් මරුට

  • 2017 අප්‍රේල් 16
Image copyright Reuters
Image caption ආණ්ඩුව ඉවත්කරගත් සිවිල් වැසියන් කැරලි කණ්ඩායම්වල ආරක්ෂාව යටතේ

සිරියානු රජය යටතේ පවතින නගරවල කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කරගැනීමේ රථ පෙළක් අතර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් අවම තරමින් 45 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පිපිරීම සිදුවුයේ අලෙප්පෝ නගරයට ආසන්න සටන්කරුවන්ගේ ග්‍රහණයේ ඇති ප්‍රදේශයක රථ පෙළ නවතා තිබියදීය.

එකඟතාවකට අනුව මෙසේ ජනතාව ඉවත් කෙරෙද්දී සටන්කරුවන්ගේ ග්‍රහණයේ සිට ප්‍රහාර එල්ලවනු ඇතැයි බිය පළවී තිබිණි.

කෙසේවෙතත්, දෙපසටම ආරක්ෂා සහිතව බස් රථ පැමිණීමෙන් අනතුරුව හුවමාරුව සිදුවිණි.

"නගර හතරක" ඉවත්කිරීම් සඳහා ඉරානය මෙන්ම කටාර් රාජ්‍යය මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළ අතර වයඹ දෙස පිහිටි ෆොආ සහ කෙෆ්රායා නම්වූ ආණ්ඩුවේ පාලනය යටතේ ඇති නගර මෙන්ම දමස්කස් අගනුවර ආසන්නයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති මදායා සහ සබාදිනි යන නගර ඊට අයත්විය.

එහි සිරවී සිටි 20,000ක් පමණ පිරිසක් ඉවත් කිරීමට නියමිත විය. කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ආණ්ඩුව ඉවත් කරගැනීමට සිටි 5,000ක් මෙන්ම කැරලිකරුවන් ඉවත් කරගැනීමට සිටි 2,200 ක් අතරමං වූ බව ඒඑෆ්පී පුවත් සේවය පැවසීය.

Image copyright AFP
Image caption කැරලිකරුවන් ඉවත්කරගත් පිරිසක් අලෙප්පෝ අසළ

එරට වේලාවෙන් සෙනසුරාදා (අප්‍රේල් 15) සවස 3.30 ට පමණ බෝම්බය පුපුරා ගියේ ආණ්ඩුවේ පාලනය යටතේ ඇති බටහිර අලෙප්පෝහි රශිදින්හි පිහිටි මුරපොළක් අසලදීය. ඉවත් කරගැනෙන්නන් එම මුරපොළේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබිණි.

ආධාර රැගෙන එන වෑන් රියක් පදවාගෙන ආ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බස්රථ අසලදී එය පුපුරුවා හැර ඇතැයි එක්සත් රාජධානිය මුලස්ථානය කරගත් මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණායතනය නම් සංවිධානය පැවසීය.

Image copyright EPA
Image caption තුවාලකරුවන් අලෙප්පෝහි රෝහල් වෙත ගෙනයනු ලැබිණි.

පිපිරීම සිදුවූ ස්ථානයේදී සිරුරු බහාලු මලු 45ක් ගණන් කළ අතර අවම තරමින් 100 දෙනෙකුවත් මියගොස් තවත් සියගනනකට තුවාල සිදුවන්නට ඇතැයි කරලිකරුවන්ගේ ප්‍රදේශයේ ගලවාගැනීම්වල නියුතු කණ්ඩායම් පවසති.

මියගිය අයගෙන් වැඩිදෙනා ඉවත්කරගෙන යන වැසියන් වුවද ඒ අතර බස් රථ මුර කළ කැරලි කණ්ඩායම්වල ආරක්ෂකයින් ද වූ බව නිරීක්ෂණායතනය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර