තුර්කි ජනමත විමසුම: ජනපති බලය වැඩි කළේ කෙසේද?

  • 2017 අප්‍රේල් 16
ජනපති රිචේප් තයිප් එර්දොගාන් Image copyright Getty Images
Image caption ජනපති රිචේප් තයිප් එර්දොගාන්

තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් පැහැදිලි ජයක් ලබාගත් ජනාධිපති රිචේප් තයිප් එර්දොගාන් හට ඔහුගේ බලය ඉහළ නංවාගැනීමේ වරම හිමි විය.

එම වරමට අනුව කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා පවතින පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට විධායක ජනපති ධුරය ආදේශ කිරීම තුළින් රට නවීකරණයවනු ඇති බව එර්දොගාන් ආධාරකරුවෝ පවසති.

Image copyright EPA
Image caption ඉස්තාන්බුල් නුවර ජයඝෝෂා නගන ජනපති එර්දොගාන්ගේ ආධාරකරුවන්

විරෝධය

ප්‍රකාශිත ඡන්දවලින් 99%ක ගණන් කිරීම්වලදී 51.36%ක් "ඔව්" යන්නටද 48.64%ක "නැහැ" යන්නටද හිමිවී තිබිණි.

එහෙත්, ජනමත විචාරණ ප්‍රතිඵලයට අභියෝග කරන බව ප්‍රධාන ප්‍රතිපක්ෂ දෙක පවසා ඇත.

තුර්කියේ ප්‍රධාන නගරවල එර්දොගාන්ගේ ආධාරකරුවන් රැස්වෙද්දී විරුද්ධ මත දරන්නන් ඉවුම් පිහුම් භාජන එකිනෙක ඝට්ටනය කරමින් හඬ නැගුවේ විරෝධය පළකිරීමේ සම්ප්‍රදායික පිළිවෙත අනුවය.

ජනමත විචාරණයේ "ඔව්" යන පිළිතුරට ඇති චන්දය තහවුරු වීම තුළින් ජනාධිපති එර්දොගාන් වසර 2029 තෙක් බලයේ සිටිනු ඇති බව ද කියවේ.

Image copyright AFP
Image caption ප්‍රතිඵලයට එරෙහිව ඉවුම් පිහුම් උපකරණ රැගෙන තුර්කි අගනුවර වීථි බට උද්ඝෝෂකයින්

කෙසේවෙතත්, නුතන තුර්කියේ විශාලතම දේශපාලනික ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපති එර්දොගාන් වෙත දැන් ජනවරම හිමිවී ඇත.

සිදුවන වෙනස්කම් සුවිශේෂීවන්නේ ඇයි?

සියවසකට ආසන්න කාලයකට පෙර තුර්කිය ජනරජයක් වූ තැන් පටන් මේ දක්වා ව්‍යවස්ථා වෙනසකට සිදුවන වඩාත්ම පරිවර්තනීය වැඩපිළිවෙල මෙයින් නිරුපණය කෙරේ.

කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම, නියෝග පැනවීම, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදිය සම්බන්ධයෙන් සුවිශාල බලයක් ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

Image copyright Reuters
Image caption අගමැති බිනාලි යිල්දිරීම්

අගමැතිවරයාගේ භූමිකාව හකුළුවා ජනාධිපතිවරයා අතට බලය ඒකරාශී කෙරෙන අතර රාජ්‍යයේ නිලධාරී පැලැන්තිය ජනාධිපති ධුරයේ පාලනයට යටත් කෙරේ.

ජනමත විමසුමේ "ඔව්" වෙනුවෙන් ඇති කරුණු

අසාර්ථක කුමන්ත්‍රණයකින් මාස නවයක් ඉකුත්ව ගියතැන තුර්කියේ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා වෙනසක් අවශ්‍ය බව ජනාධිපති එර්දොගාන් පවසා තිබිණි. එසේම පෙර පැවති ආකාරයේ අස්ථාවර සභාග ආණ්ඩු බිහිවීම වැළක්විය හැකි බව පෙන්වා දෙනු ලැබීය.

ප්‍රංශයේ සහ ඇමෙරිකාවේ අනුරුපණයක් වැනිවූ නව ක්‍රමය තුළින් කාලයක් යනවිට කුර්දි කැරලි සහ ඉස්ලාමීය සන්නද්ධ ක්‍රියා හේතුවෙන් මතුවී ඇති අර්බුදකාරී තත්වයට මෙන්ම විශාල වශයෙන් සරණාගතයින්ගේ පැමිණීමට හේතුවූ අසල්වැසි සිරියාවේ අර්බුදයට ද සමහන් තත්වයක් උදාකරනු ඇති බවට ඔහු තර්ක කළේය.

ජනමත විමසුමේ "නැහැ" වෙනුවෙන් ඇති කරුණු

ඡන්දවලින් 60%ක් යළි ගණනය කරන ලෙස රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP) බලකරමින් සිටී.

නව ව්‍යවස්ථා වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් පළකරන විවේචකයින් පෙන්වාදෙන්නේ එම වෙනස්කම් හේතුවෙන් ජනාධිපතිධුරය වඩා බලසම්පන්න වෙමින් වෙනත් ජනාධිපති ක්‍රමවල ඇති බල තුලනයක් නොමැති තනි පුද්ගල පාලනයක් බවට පරිවර්තනය වනු ඇති බවය.

දේශපාලන පක්ෂයක් හා බැඳීමට ඇති හැකියාව පවත්වාගැනීම හරහා AK පක්ෂයේ නායකත්වය යළි ලබාගැනීම තුළින් අපක්ෂපාතී බවට ඇති අවස්ථා නැති කරන බවද ඔවුහු පෙන්වා දෙති.

Image copyright Getty Images
Image caption යුරෝපය හා ආසියාව යා කරන ඉස්තාන්බුල් නුවර පිහිටි බොස්ෆොරස් පාලම

නව ව්‍යවස්ථාවට ඇතුළත්වන්නේ මොනවාද ?

කෙටුම්පතට අනුව කියවෙන්නේ මීළඟ ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයද 2019 නොවැම්බර් 03 වෙනිදා පැවැත්වෙන බවය.

උපරිම වාර දෙකකට සීමාවන වසර පහක ධුර කාලයක් ජනාධිපතිවරයාට හිමිවේ.

  • අමාත්‍යවරුන් මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් ඍජුවම පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවේ.
  • එක උප ජනාධිපතිවරයකු හෝ කිහිපදෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය.
  • අගමැතිවරයාගේ භූමිකාව හකුලුවනු ලබයි.
  • අධිකරණ පද්ධතියට අතපෙවීමේ බලයද ජනාධිපතිවරයාට හිමිවේ. ජනාධිපති එර්දොගාන් එසේ අතපෙවීම් කර ඇති බවට ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා හි වෙසෙන දේශකයකුවන ෆෙතුල්ලාහ් ගුලන් චෝදනා එල්ල කර ඇත. පසුගිය වසරේ ජුලි මාසයේ හටගත් අසාර්ථක කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ගුලන් හට ද චෝදනා එල්ල විණි.
  • රටේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලයද ජනාධිපතිවරයා සතුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර