Cabinet spokesman, Min Rajitha Senarathne
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපි දැන් කොන්ද කෙලින් කරගන්න හදන්නේ - රාජිත

  • 2017 අප්‍රේල් 26

අමාත්‍ය සරත් ෆොන්සේකාට සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුධ හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අද (අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ කරුණු සඳහන් කළ අමාත්‍යවරයා, ආණ්ඩු පෙරළීම සඳහා ජනතාව අපහසුතාවට පත්කරමින් දේශපාලන වෘත්තිය සමිති විවිධ වැඩවර්ජන හා විරෝධතා පවත්වන අතර ඒවා පාලනය කිරීම සඳහා සුදුසුම පුද්ගලයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව පැවසීය.