දමස්කස් නුවර දැවැන්ත පිපිරීමකින් දෙදරයි

  • 2017 අප්‍රේල් 27
දමස්කස් ගුවන්තොටුපොළ දෙසින් නැගුනු ගින්න කැරලිකරුවන් අත ඇති ප්‍රදේශයක සිට ගනු ලැබූ මෙම ඡායාරුපයෙන් දිස්වේ Image copyright AFP
Image caption දමස්කස් ගුවන්තොටුපොළ දෙසින් නැගුනු ගින්න කැරලිකරුවන් අත ඇති ප්‍රදේශයක සිට ගනු ලැබූ මෙම ඡායාරුපයෙන් දිස්වේ

සිරියාවේ දමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්න ප්‍රදේශයකින් දැවැන්ත පිපිරීමක් වාර්තා විය.

"පිපිරීම දැවැන්ත එකක්. ඒක දමස්කස් නුවරටම ඇහුණා" යැයි එක්සත් රාජධානිය කේන්ද්‍රකොටගෙන ක්‍රියාත්මකවන මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණායතනයේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මන් පැවසීය.

දමස්කස් නුවරට කිලෝ මීටර 25ක් (සැතපුම් 15) පමණ දුරින් ගිණිකොන දිග ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා ඇත.



පිපිරීමට පසුව විශාල ගිනිදැල් නැගුනු බව වාර්තා වුවද අනතුරට ලක්වුවන් හෝ පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත.

2011 වසරේ සිට ඇදී යන සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට 320,000 ට අධික පිරිසක් මියගොස් ඇති අතර වසර 6ක් ඉකුත්ව ගොස් තිබියදීත් තවමත් දේශපාලන විසඳුමක් පෙන තෙක් මානයක නොවේ.

මාස කිහිපයක සිටම දමස්කස් අගනුවර ආසන්න ප්‍රදේශවල රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර ගැටුම් මතුවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර