rangana
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිතර ආබාධවලට ලක්වන්නේ ඇයි?

ආසියානු රටවල් තුනක් එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසාලන අවසන් පුර්ව වටයට පිවිසීම ගැන සතුටට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ඔහු මේබව කියා සිටියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරගය ගැන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට පිවිසෙන අතර ඉන්දියාව, බංගලාදේශය හා එංගලන්තය මේවන විට අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා සිටිති.

"ගොඩාක් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මේ තරගාවලියෙන් ඉවතට ගිහිල්ලා තියෙනවා, ඉතින් සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි ආසියානු රටවල් වේගවත් තණතීරුවල ක්‍රීඩා කරලා ඉදිරියට ඒම ගැන" යනුවෙන් රංගන හේරත් පැවසීය.

"ශ්‍රී ලංකාවට වාසිදායකයි"

මිස්බාහ් උල් හක්, යුනිස් ඛාන් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් පකිස්ථානය නියෝජනය නොකිරීම ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් බව පෙන්වාදුන් රංගන හේරත් කණ්ඩායම් දෙක සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසිදායක තත්වයක් ඇති බව කියා සිටියේය.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් "ලොකු විශ්වාසයක් තියෙනවා, නවක ක්‍රීඩකයන් ඉන්දීය තරගය ජයගෙන උසස් මානසික මට්ටමක ඉන්නේ" යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීම, ශාරීරික යෝග්‍යතාවල ගැටලුවක් දැයි රංගන හේරත්ගෙන් විමසීමේදී ඔහු පැවසුවේ එය එවන් ගැටලුවක් නිසා ඇතිවන්නක් යැයි ප්‍රකාශ කළ නොහැකි බවය.

"අබාධ අපිට අවශ්‍යවෙලාවට කරගන්නවත්, අපිට අවශ්‍ය වෙලාවට නවත්තගනන්වත් පුළුවන් දේවල් නෙවෙයි, නමුත් ඉදිරියේදී ඒවා වළක්වාගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

චැම්පියන්ස් කුසලානයේ ඇතිවූ අබාධ තත්වය හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා හා චාමර කපුගෙදරට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට පළමු තරගය අහිමි විය.

2015 ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම අබාධවලට ලක්විය.

සම්පුර්ණ සාකච්ඡාව මෙතැනින් නරඹන්න.

https://www.facebook.com/BBCSinhala/videos/840106069480476/