දුවකට දිරිය දෙන පියෙකුගේ දරු පෙම

  • 2017 අගෝස්තු 22

සිය දියණිය මොළයේ සැත්කමකට ලක්වීමෙන් අනතුරුව හිසෙහි පච්චයක් සළකුණු කරගත් පියෙකු පිළිබඳව එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගැරත් හිකන්බොටම්-මැරියට් නම් වූ එම පියා තම හිසේ සළකුණු කරගත්තේ සැත්කමේදී දියණියගේ මොළය හා සම්බන්ධ කෙරුණු උපකරණයට සමාන පච්චයකි.

මෙය දැකීමෙන් තමන්ගේ හිසේ සවිකොට ඇත්තේ කුමන ආකාරයේ දෙයක්දැයි සිය දියණියට වටහාගත හැකි බව ඔහු පවසයි.

දියණියට තමන්ගේ සහයෝගය පළකිරීම අවශ්‍ය වූ බව ගැරත් කියා සිටී.

වයස අවුරුදු 10ක් වන බ්‍රයර් උපතින්ම ගෝල්ඩන්හර් සහලක්ෂණය නම්වූ දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දුවකට දිරිය දෙන පියෙකුගේ දරු පෙම

ඇය, මොළයේ තරලයක් නිපැයෙන හයිඩ්‍රොසිෆලස් නම්වූ තත්ත්වයෙන් ද පෙළෙන අතර ඒ සඳහා සවි කෙරුණු විශේෂ උපකරණයකින් ඊට සහනයක් සැපයේ.

"තාත්තා මේ වගේ පච්චයක් එක්ක ඉන්නවා දැක්කම මට පුදුම හිතුණා" යැයි පැවසු බ්‍රයර් "එත් මට තේරුණා මම තනිවෙලා නැහැ කියලා" යනුවෙන් සඳහන් කළාය.

"සමහර අය මේක මොකක් හරි අමුතු ගෝත්‍රික පච්චයක් ද කියල මගෙන් අහනවා. ඒ වෙලාවට මම ඒ ඇයට පැහැදිලි කරලා දෙනවා ඇයි මම මේ වගේ දෙයක් කළේ කියල" බ්‍රයර්ගේ පියා ගැරත් පවසයි.

උපතින් ම ශ්‍රව්‍යාබාධිත තත්ත්වයෙන් ද පෙළෙන දියණියට කොක්ලියර් ඉම්පලාන්ට් නම් වූ බද්ධ කිරීම මගින් ඇසීම පහසු කිරීමේ උපකරණයක් ද සවි කර ඇත.

එයින් ද ඇය හා සමවන්නට පියා ගැරත් පච්චයක් සළකුණු කොට ඇත.

"බ්‍රයර් ශල්‍යකර්මයකට යොමු කෙරෙන සෑම අවස්ථාවකම මගේ බිරිඳ දුවගේ ටෙඩී බෙයාර් ගේ ඇඟේ හදවතක් සළකුණු කරමින් මහනවා" යැයි පවසන ගැරත් "එයා බොහොම ශක්තිමත් දැරියක්. එයාට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන දේට ඇය මුහුණ දෙමින් ඉන්නවා" යනුවෙන් ද සඳහන් කළේය.


ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මළ දියණියගේ 'නොමළ හද' ළඟ කම්පිතව

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර