මහා සංගීතවේදී රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 12 බදාදා - 13:30 GMT
Ravi Shankar

අගමැති මන් මෝහන් සිං දිවියෙන් සමුගත් කලාකරුවා හඳුන්වා දුන්නේ තම රටේ සංස්කෘතික උරුමයේ ජගත් තානාපතිවරයා හැටියට

මහා සංගීතවේදී රවි ශංකර්ගේ අභාවය නිමිත්තෙන් ශෝකය පළ කරන අගමැති මන් මෝහන් සිං, දිවියෙන් සමුගත් කලාකරුවා හඳුන්වා දුන්නේ ඉන්දියාවට දායාද වූ මහා සම්පතක් මෙන්ම තම රටේ සංස්කෘතික උරුමයේ ජගත් තානාපතිවරයා හැටියටයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රවි ශංකර්, කැලිපෝනියාවේ පිහිටි සිය නිවස අසළ රෝහලකදී දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකයි.

හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවූ රවී ශංකර් පසුගිය සතියේ සන්දියාගෝ නගරයේදී හදවත් සැත්කමකට භාජනය කරනු ලැබයි සිටියේ.

ඉන්දීය රාගධාරී සංගීතයේ වාද්‍ය භාන්ඩයක් වන සිතාරයේ මිහිරි හඬ ලොවට අසන්නට අවස්ථාව උදාකළ රවි ශංකර්, "ද බීට්ල්ස්" වැනි ජාත්‍යන්තර මට්ටමේ බටහිර සංගීත කණ්ඩායම් සමඟද වාදනය කළ මහා ගාන්ධර්වයෙක්.

අවුරුදු හැත්තෑවකට අධික දීර්ඝ සංගීත චාරිකාවේදී, එම මහාවාද්‍ය ශිල්පියා තුන් වරක්ම ග්‍රැමි සම්මානයෙන් පුදනු ලැබිණ.

ඉන්දියාව තම කීර්තිධර පුත්‍රයා පුදනු ලද්දේ එරට පුරවැසියකුට පිදිය හැකි ඉහළම පිදුම වන "භාරත රත්න" සම්මානයෙන්.

"ගාන්ධි" සහ "පාතර් පංචෝලි" ඇතුළු ජාත්‍යන්තර සම්මාන ලද චිත්‍රපට රාශියක්ම රවි ශංකර්ගේ සංගීතයෙන් අලංකාර විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.