සුනිලා අබේසේකර දිවියෙන් සමු

9 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:08 GMT

Image caption ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධාරිනී සුනිලා අබේසේකර

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධාරිනී සුනිලා අබේසේකර දිවියෙන් සමු ගනියි.

කලක් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මිය යන විට හැට එක් වන වියේ පසු වූවා.

මානව හිමිකම් සහ ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් දශක කිහිපයක් පුරා ගෙන ගිය අරගල තුලින් ජාත්‍යන්තර කීර්තියට පත් වූ ඇය 1999 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයෙන් පුද ලැබුවාය.