තාත්තා ලිංගික අතවර කළා - වූඩි ඇලන්ගේ හදාගත් දියණිය

  • 2014 පෙබරවාරි 2
Image copyright AFP
Image caption හදා ගත් දියණිය නගන චෝදනාව චිත්‍රපට අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කරයි

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ වූඩි ඇලන්, ළමා වියේදී තමන්ට ලිංගික අතවර කළ බව ඔහු හදා වඩා ගත් දියණිය යලිත් වරක් චෝදනා කළාය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විවෘත ලිපියක් ලියන ඩිලන් ෆරෝ, හත් හැවිරිදි වියේදී වූඩි ඇලන් තමන්ට ලිංගික අතවර කළ බවත් ඔහු ලිංගික ගොදුරු සොයා යන්නකු බවත් ප්‍රකාශ කරයි.

එම චෝදනාව චිත්‍රපට අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසි විටක නඩු පවරා නැත.

හොලිවුඩ් කර්මාන්තය දිගින් දිගටම වූඩි ඇලන්ට සහාය දීම දැඩි විවේචනයට ලක් කරන ඩිලන් ෆරෝ, එය තමන්ට පුද්ගලිකව සරදම් කිරීමක් ලෙස හැඟෙන බවද පවසයි.