මර්සි එදිරිසිංහ සමු ගනියි

  • 17 මාර්තු 2014
Image copyright srilankamirror.com
Image caption මර්සි එදිරිසිංහ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රහසන නාටකවලට සම්බන්ධ වීමෙන්

චිත‍්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක සහ ගායිකාවක වූ මර්සි එදිරිසිංහ 68 වැනි වියේදී දිවි මගෙන් සමුගත්තාය.

දිගු කලක සිට අසනීප තත්ත්වයෙන් සිටි ඇය, ගම්පහ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ලංකාහෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.

1964 වසරේ නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරඹූ මර්සි එදිරිසිංහ 1967 වසරේදී වේදිකා නාට්‍යය කලාවට අවතීර්ණ විය.

වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇය, වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක සමඟ ප්‍රහසන නාටකවලට සම්බන්ධ වීමෙන්.