ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇටන්බරා නම් වූ 'නිහතමානී කලාකරුවා'

රිචර්ඩ් සැමුවෙල් ඇටන්බරා සාමිවරයා විසින් නිර්මාණය කරන ලද ගාන්ධි සිනමා සිත්තම ඉන්දීය සමාජය වෙත කෙතරම් බලපෑමක් කළේද යත්, ලන්ඩනයේ පිහිට වූ සත්‍යජිත් රායි පදනමේ ප්‍රථම අනුශාසකවරයා වූයේද ඔහුයි.

සිය ප්‍රථම සිනමා නිර්මාණය එළි දක්වන නවක සිනමාකරුවන් අතරින් විශිෂ්ඨතමයාට පිරිනමන වාර්ෂික සත්‍යජිත් රායි සම්මානය සඳහා සියලු බර පැන දරමින් අත්වැලක් වුනේ ඇටන්බරා.

ඔවුන් දෙදෙනා සමීපම මිතුරන්.

කිසිම කෙනෙකුගේ - සමීපම මිතුරෙකුගේ පවා - නම මතක තබාගත නොහැකි වීම ඇටන්බරා සාමිවරයා ගේ කැපී පෙනුන දුර්වලතාවයක්.

Image copyright PA
Image caption රිචඩ් ඇටෙන්බරා සිය සමීප මිතුරු ස්ටීවන් ස්පිල්බර්ග් සමඟ

මිතුරාත්, සතුරාත් දන්නා, නොදන්නා සියලු දෙනාත්, සේවකයනුත් 'ඩාලිං' නම් සොඳුරු වදනින් ඇමතීම මේ දුර්වලකම ජය ගැනීමට ඔහු අනුගමනය කළ උපායයක්.

එහෙත් මේ සියලු 'ඩාලිංලා' අතර ඔහුට එක්වරම කියවෙන එකම නමක් වී තිබුණේ සත්‍යජිත් රේ. නොඑසේනම් සත්‍යජිත් රායි. එතරම් ගෞරවාදරයක්, සමීපත්වයක් මේ මහා සිනමාකරුවන් දෙදෙනා අතර පැවතින.

ලෝක පූජිත වන ජීවී විශේෂඥ ඩේවිඩ් ගේ වැඩිමහලු සොහොයුරා වූ රිචඩ් මෙලොව හැර ගියේ ප්‍රිය බිරිඳ ශීලා සහ මයිකල්, ජේන් සහ චාලට් දරුවන් තිදෙනා මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සිනමාලෝලීන්ද ශෝක සයුරක ගිල්වමින්.