ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපි තමයි 'ලෝකේ ලොකුම මිනිස්සු කියන මන්ද බුද්ධික හැඟීමක් තියනවා'

ලෝකයෙන් දැනුම උකහා ගනිමින් උකහා ගත් දැනුම ලෝකය ඉදිරියට ගෙන යෑම විශ්වීය කලාකරුවකුගේ වගකීම බව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

'ඒ කලාකරුවන්ගෙන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, හිට්ලර්ගේ නැගීම ගැන ලියූ නාට්‍යය. කොහොමද ඒ වගේ දුබලයෙක්, මනුෂ්‍ය ඝාතකයෙක් ලෝකෙට බිහි වෙන්නේ. මොකද අපේ දුබලකම් නිසා තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අපට පෙන්වා දෙන්නේ මේ නාට්‍යය ඇතුළේ, අපි ඉතාම දුර්වල මිනිස්සු. ඒ අපේ දුබලකම්වලින් තමයි ඉතාම දුබලයෙක් අපිට වඩා ඉහළින් පෙනී හිටිනවා. ඒක තමයි ඒ නාට්‍යයේ පරමාර්ථය වුනේ බ්‍රෙෂ්ට්ගේ' එරෙහි වීම, පටු දේශපාලනය සහ විශ්වීය කලාකරුවා ධර්මසිරි බණ්ඩාරනායක විග්‍රහය.

“අපි තමයි ලෝකේ ලොකුම මිනිස්සු කියන මන්ද බුද්ධික හැඟීමක් තියනවා. ඒක වැරදියි. ඇත්ත වශයෙන්ම ජාතියකට පිහිටිය යුතු නැති ලක්ෂණයක්” යැයි පවසන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පටු මානසිකත්වයෙන් මිදුණු, ශ්‍රී ලංකාවෙන් බිහි වූ ආඩම්බර විය හැකි සිනමාකරුවන් ඉතා විශිෂ්ට නිර්මාණ බිහි කොට ජාත්‍යන්තරය දක්වා ගොස් ඇති බවයි සඳහන් කළේ.

ඇතැම් ශ්‍රී ලාංකික කලාකරුවන් සිය සමාජ වගකීම පසෙකළා “සිල්ලර දේවල්” ලබා ගැනීම පිණිස දේශපාලනඥයන් සමග සහසම්බන්ධතා පැවැත්වීම වර්තමානයේ ඉහළින් දක්නට ලැබෙන බවත් ඔහු පවසයි.

‘දැන් ඔක්කොම ලාභය බෙදා ගන්න අතරතුර අපි පාඩුව බෙදා ගන්නවා පැත්තකට වෙලා. ඒ කියන්නේ ඒක දුකක් නෙමෙයි. ඒක දුකකින් කියන කතාවක් නෙවෙයි’ ඒ ශ්‍රී ලාංකික කලාකරුවා සහ දේශපාලනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වැඩිදුරටත් කියා සිටියේය.

‘ඉර පානෙන් රැස් දෝතක්’ සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න.