ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බෞද්ධයින් 'ප්‍රචණ්ඩත්වයට ඇයි මෙච්චර ලොල්?'

නවකතාවක් පසුබිම් කර ගත් සිය ‘බව දුක’ චිත්‍රපටය හරහා දැවැන්ත දේශපාලන කතිකාවක් ගොඩ නගන බව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

ඉතා ගැඹුරින් මිනිස් සන්තානයේ ආධ්‍යාත්මික තලය පිළිබඳ කැමරාව ඔස්සේ හඹා යන සිනමාකරුවකු ලෙස සිරිල් පී පෙරේරා වැනි සිනමා විචාරකයින් තමා හඳුන්වනු ලැබූ බව සිහිපත් කරන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක තම ‘බව දුක’ චිත්‍රපටය වෙනස් තලයක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වයි.

‘ඒකෙ දැවැන්ත දේශපාලන කතිකාවක් ගොඩ නගනවා. ආගම මුල් කර ගෙන. විශේෂයෙන්ම බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට ඇයි මෙච්චර ලොල් වෙන්නේ කියන කාරණාව. ඊළඟට විදේශ බලවේග ලංකාව ග්‍රහණය කර ගැනීම, වර්ගවාදය. මේ සියලු දේ ඇතුළේ මිනිස් ජීවිත කොහොමද සුලි සුළඟකට අහුවෙලා එක තැන කැරකෙනවා වගේ කැරකුණේ’ ඔහු සංදේශයට පැවසුවේය.

තමා නිර්මාණය කළ චිත්‍රපට අතුරින් ‘බව දුක’ සහ බව කර්ම’ යන සිනමා කෘති පෙර කී විචාරක වර්ගීකරණයට පිටස්තර වූ නිර්මාණ ක්‍රියාවලියක් ලෙස දකින බවයි සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ.

‘මේ සියලු චිත්‍රපටවල ප්‍රස්තුත කර ගත් කාරණා ඇතුළේ, ජීවිතය ඇතුළේ අපිට කැමරාවත් එක්ක යන්න පුළුවන් විශාල දුරක් තියනවා. අන්න ඒ දුර සොයා යෑම තමයි හංස විල, විශේෂයෙන්ම තුන්වන යාමය, ඊළඟට සුදීලාගේ කතාව. මේ චිත්‍රපට තුනම ඒ තුළ තමයි පිහිටෙව්වේ’ ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වැඩිදුරටත් පැවසුවේය.

'ඉර පානෙන් රැස් දෝතක්' බන්දුල නානායක්කාරවසම් සම්පාදනයක්.