ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අදටත් ‘71 කැරැල්ල පිළිබඳ සිනමාවක් ගොඩ නැගී නැහැ’

අපේක්ෂා භංගත්වයට පත් වූ තරුණයන් අප රටේ සිටින බව තේරුම් ගැනීමට හැත්තෑ එකේ කැරැල්ල ඉවහල් වූ නමුත් “පාලක පන්තිය ඒක පිහලා දානවා එහෙම එකක් වුනේ නෑ වගේ” ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

‘එහෙම එකක් වුනේ නෑ වගේ. මරලා ඉවර වෙලා, ඉවර කරන්න පුළුවන් වගේ. අන්න ඒ වගේ පාලක පන්තියේ හැසිරීම මට තදින්ම බලපෑවා ‘එකා අධිපති’ හදන්න’ ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලාංකේය සිනමාවේ පවතින දේශපාලනික ඌනතාවය හේතුවෙන් මේ වන තෙක් හැත්තෑ එකේ තරුණ කැරැල්ල පිළිබඳ සිනමාවක් බිහි වී නැති බවයි සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක සඳහන් කළේ.

කැරැල්ලෙන් පසු පැසිස්ට්වාදය හිස ඔසවන ලක්ෂණ සිය නිරීක්ෂණයට ලක් වූ බව පවසන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ‘සුබ සහ යස වගේ නාට්‍යයක සයිමන් නවගත්තේගම සභාග රජය මුල් කරගෙන තමයි, රසිකයෝ ඒක රස වින්දේ. ඇමති මණ්ඩලයක් ඉන්නවා, හැම එකටම එහෙයි කියනවා. අවසානයේ ඒක වෙනස් කරන්න එන කෙනාට ඒක වෙනස් කරන්න බැරි වෙනවා. එතකොට ඇමතිවරු වගේ තමයි ජනයා හැසිරෙන්නේ. මේ මොහොතේත් අපට ඒ වගේ අත්දැකීමක් පේනවා’ යනුවෙන් විදිදුරටත් කියා සිටියේය.

සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න. ඉර පානෙන් රැස් දෝතක් බන්දුල නානායක්කාරවසම් සම්පාදනයක්.