ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිංහල ගීයේ මිහිර මැවූ මැලේ ජාතිකයා හරුන් ලන්ත්‍රා

දශක හයක් අභිබවා සිංහල ගීතයේ මිහිර මවන්නට අවිහිංසක මියුරුතර අව්‍යාජ වෙහෙසක් ගත් අසිංහල මනසක් හිමි අසිංහල ‍සංගීතවේදියා හරුන් ලන්ත්‍රා.

එච්ආර් ජෝතිපාල, ජේඒ මිල්ටන් පෙරේරා, මොහිදීන් බේග් වැනි ගායකයන් මෙන්ම බොහෝ විට හරුන් ලන්ත්‍රාටද තිබුණේ ඉන්දීය අනුකාරක ගී සමග ගනුදෙනුවක්.

නමුත් එම දමිළ හෝ හින්දි ගනුදෙනුව සිංහලට ගෙන එන්නට සැබෑ සිංහල උරුමය ලද ගායක ගායිකාවන්ට වඩා ඔහුට වාසනා ගුණයක් තිබිණ.

කෙතරම් හින්දි තනු ගීයට නැගුවත් උච්චාරණයේ යම් අමුත්තක් දැනුනත් හරුන් ලන්ත්‍රාගේ හඬේ තිබූ ලගන්නා ස්වරූපය, සුපසන් ස්වරය වෙනත් කිසිඳු ගායකුගෙන් අත්විඳින්නට නොලැබිණ.

ඉතා නිවැරදි ලෙස තම ගායන පරාසයේ උපරිම පළ නෙළා ගනිමින් ජනප්‍රිය හෝ කිසිඳු ආර්ථික ලාභයක් නොතකා තම ගැයුම් අමාව චිත්‍රපට නිෂ්පාදකයන්ට, අනුගත නළුවන්ට සහ සහෘදයින්ට නිර්ලෝභීව පූජා කළේය.

සිංහල චිත්‍රපට පසුබිම් ගායනය, සරල ගී ක්ෂේත්‍රය සහ ප්‍රසංග වේදිකාව ගීයෙන් ඒකාලෝක කළ යුගයක දිදුලන තාරකාවක් වූ හරුන් ලන්ත්‍රා තම ජීවන ගීයෙන් වෙන් වන විට අසූහතර වන වියේ පසු විය.

මැලේ ජාතිකයකු වූ ඔහුගේ මධුර හඬ අසිංහල යැයි කියන්නට දිව නැමෙන්නේ කාගේද?

සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න. ඉර පානෙන් රැස් දෝතක් බන්දුල නානායක්කාරවසම් සම්පාදනයක්.