ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිරින් සහ හේමශ්‍රී ද අල්විස් අද කොහේ ද?

ගීත රචනයෙන් හා ගීත ගායනයෙන් ශ්‍රී ලාංකික රසික හදවත් පින වූ හේමශ්‍රී ද අල්විස් සහ අයිරින් ද අල්විස් කලා යුවල වෙනුවෙන් ඔබට කළ හැකි දෙයක් තිබේද?

ඔහු

වික්ටර් රත්නායක නම් යුගයක් හෙලි කළ මහාර්ඝ ‍ගාන්ධර්වයාගේ මුල් යුගයේ ජනප්‍රිය වූ ගීත කිහිපය අතුරින් ප්‍රධාන ගීතයක් ලියූ රචකයා හේමශ්‍රී ද අල්විස්.

ඔහු ලීවේ හුදෙක් ගීතයක් පමණක්ම නොවෙයි තුරුණු වික්ටර් රත්නායකයන්ට. මේ යොවුන් ගායකයාට ඔහු ලීවේ දෙවාභිවන්දනයක්.

ඒ හැටේ දශකයේ අග භාගයේ බිහි වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මහා ගී ගඟුලෙන් දිය බිඳු කිහිපයන්ගෙන් එකක් වූ ‘මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා’ ගීතයයි.

හේමශ්‍රී ද අල්විස් නමැති මාධ්‍යවේදියා, ගුවන්විදුලි ශිල්පියා, ගීත රචකයාගේ විසල් මෙහෙවරකින් මාත්‍රයක් පමණකි ඒ.

ඇය

යුගයකදී ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ ලතා, ඇන්ජලින්, රුක්මණී වැනි ගායිකාවන් සමග හරි හරියට වේදිකාවේ ගී ගැයූ ඇය අයිරින් ද අල්විස්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සරල ගී ගායිකාවක් වූ ඇගේ තියුණු කටහඬ ඇසීමට එකල සරල ගී රසිකයෝ පුලපුලා බලා සිටියහ.

විශිෂ්ට රචකයන් මෙන්ම සුවිශේෂී සංගීතඥයෝ ඇගේ නවතම සරල ගී වැඩසටහන් සංගීතවත් කළහ.

ඇගේ හඬට ගැළපෙන මනහර තනු නිර්මාණය කළ සංගීතඥයන් අතර පැට්‍රික් දෙනිපිටිය වැනි අය වූහ.

ප්‍රේමකීර්ති ද අල්විස් වැනි විශිෂ්ට රචකයන් ගුවන්විදුලිය තුළ හදිසියේ ලියූ ගීතය සුළඟක් සේ අපේ රටේ රසිකයන් හා සෑම අත්කම විසිර ගියේය.

අද?

අයිරින් ද අල්විස් සහ හේමශ්‍රී ද අල්විස් මේ දෙපොළ අද කොහේ සිටීද?

අද ඔවුන්ට කුමක් වීද?

පානදුරේ වල්පල පන්සල පාරේ අංක එකසිය හැත්තෑ තුනේ කුලී නිවසක අයිරින් සිටින්නේ ගී ගයමින් නොවේ. සිහින් කෙඳිරියක් නගමින්.

හේමශ්‍රී ද අල්විස් ඉන්නේ අන්ත අසරණ තත්වයෙන් ඇය දෙස බලා ගෙන ඇයව දරුවකු රැක බලා ගන්නවා සේ ආරක්ෂා කරගෙනයි.

ඉර පානෙන් රැස් දෝතට සවන් දෙන්න.

‘ඉර පානෙන් රැස් දෝතක්’ බන්දුල නානායක්කාරවසම් නිර්මාණයක්.