සිනමා නළු ඕමාර් ෂෙරිෆ් දිවියෙන් නික්මෙයි

omar_sharif
Image caption රංගනවේදී ඕමාර් ෂෙරීෆ්

අසු තුන් හැවිරිදි වියේ පසු වූ සිනමා නළු ඕමාර් ෂෙරිෆ් මිය ගොස් ඇත.

ඊජිප්තුවේ උපත් ලැබූ ඔහු වඩාත් ජනප්‍රිය වුයේ දැවැන්ත හොලිවුඩ් නිෂ්පාදනයක් වූ ලෝරන්ස් ඔෆ් ඇරේබියා ච්ත්‍රපටයේ රඟපෑමෙන්.

ඔහු ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටයේ කළ රඟපෑමත් ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදයට හේතු විය.

චේ ගුවේරා සහ ගන්ගීස් ඛාන් චරිතාංග රංගනයත් බාර්බරා ස්ට්‍රෙසන්ඩ් සමඟ ෆානි ගර්ල් චිත්‍රපටය සඳහා ඉදිරිපත් කළ රංගනයත් ඕමාර් ෂෙරිෆ් මතක සටහන් අතර වේ.

ප්‍රේක්ෂක හද බැඳගත් ඕමාර් ෂෙරිෆ් හට එක මාසයක් ඇතුළත විවාහ යෝජනා විසි පන් දහසක් පමණ ලැබුණු බව වාර්තා විය..

එහෙත් ඕමාර් ෂෙරිෆ් නිතර කියා සිටියේ තමන් ගේ ප්‍රථම ප්‍රේමය කඩදාසි කුට්ටමක් ඇසුරෙන් කරන

බ්‍රිජ් ක්‍රීඩාව වන බවයි. ඉහළ පෙළේ බ්‍රිජ් ක්‍රීඩා තරඟවලට සහභාගී වී ඉහළ ලංසු වලට ක්‍රීඩා කිරීමට ඕමාර් ෂෙරීෆ් පසුබට නොවීය.