'බීට්ල්ස්' පස් වැන්නා නික්ම යයි

Image copyright Getty
Image caption සංගීතවේදී ජෝර්ජ් මාටින් දිවියෙන් සමු ගන්නා විට අනූ වියේ පසු විය

සිව් පුද්ගල 'බීට්ල්ස්' සංගීත කණ්ඩායමේ පස්වැන්නා ලෙස බුහුමන් ලබන ශ්‍රීමත් ජෝර්ජ් මාටින් දිවියෙන් සමුගෙන තිබේ.

සුවහසක් රසික හදවත් පිනවීමට දායක වූ සංගීතවේදී ජෝර්ජ් මාටින් දිවියෙන් සමු ගන්නා විට අනූ වියේ පසු විය.

දශක පහක සංගීත දිවිය තුළ ගීත තැටි හත්සීයක් පමණ නිපදවමින් වාර්තාවක් තැබූ ඔහු දැවැන්ත කීර්තියක් අත් කර ගත් බ්‍රිතාන්‍ය සංගීතවේදියෙක්.

ජෝර්ජ් මාටින් 1962 වසරේ 'බීට්ල්ස්' කණ්ඩායම සමඟ පළමු ගී එකතුව නිකුත් කළේය.

ඉන් පසු කාලයේ 'බීට්ල්ස්' සෙසු ගී තැටි නිර්මාණයට දායක වුනේද ඔහුයි.

'බීට්ල්ස්' කණ්ඩායමේ ජීවමාන ගායකයා වන පෝල් මැකාර්නි , ජෝර්ජ් මාටින් විග්‍රහ කළේ 'දෙවැනි පියා' ලෙසයි.

'බීට්ල්ස්' ඩ්‍රම්ස් වාදක රින්ගෝ ස්ටාර් කියා සිටියේ තමන්ට ජෝර්ජ් මාටින් සදහටම අහිමි වූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර