අප ගැන

බීබීසී ලෝක සේවයේ සිංහල සේවය, තවත් භාෂා විසිහයක කණ්ඩායම් සමග ලන්ඩන් පුරවරය මූලස්ථාන කොටගෙන ක්‍රියාත්මකවේ.

ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුදකාලීන වර්ධනයන් මෙන්ම දේශපාලන, සමාජයීය හා වෙනත් විෂය සම්බන්ධ විශ්වසනීය තොරතුරු දැනගැනීම සඳහා ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් බීබීසී සිංහල සේවයේ සංදේශය ගුවන් විදුලි වැඩසටහනට සවන්දෙන බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

මීට අමතරව, අන්තර්ජාල ඇතුළු ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එම තොරතුරු සිංහල බස හසුරුවන ග්‍රාහකයින් වෙත අඛණ්ඩව සැපයේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා වෙසෙන අපගේ වාර්තාකරුවෝ දෛනිකව අප වෙත තොරතුරු සපයති.

සංදේශය කාර්ය මණ්ඩලය

සංගීත් කළුබෝවිල - සංස්කාරක

උපාලි ගජනායක

සරෝජ් පතිරණ

අරවින්ද තිසර රතුවිතාන

එස් එල් සෙනෙහෙධීර

අසාම් අමීන් - කොළඹ වාර්තාකරු