Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

සාරාංශය

  1. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිය ප්‍රථම රූපවාහිනී විවාදයේදී එකිනෙකාට චෝදනා
  2. බදු ගෙවීම, රහසිගත ඊමේල් පණිවුඩ සහ වෙළඳාම පිළිබඳව ඔවුන් දෙදෙනා දිගින් දිගටම වාද කළහ
  3. අඟහරුවාදා උදෑසන පැවති විනාඩි 90 ක රූපවාහිනී විවාදය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් පස් ගුණයක පිරිසක් නරඹා තිබේ. රූපවාහිනී ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නරඹන ලද විවාදය එයයි
  4. ජනමත සමීක්ෂණ අනුව දැනට ක්ලින්ටන් තරමක් ඉරිදියෙන් සිටියත් ඉදිරි සති කිහිපය ඇතුලත දෙදෙනා අතර තියුණු තරඟයක් අපේක්ෂා කෙරේ

සජීවී වාර්තාකරණය

මෙහි දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවයි

සජීවී වාර්තාව අවසන්

ඔබට ස්තුතියි

ලොව පුරා ලක්ෂ දහසක ජනකායක් නැරඹු හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය පිළිබඳව අඟහරුවාදා දිනය මුළුල්ලේ අප ගෙන ආ සජීවී වාර්තාව මෙයින් අවසන්. බීබීසී සංදේශය කණ්ඩායමේ පළමු සජීවී වාර්තාවයි, මේ. 

අප සමඟ රැඳී සිටිමින් සහ අදහස් දක්වමින් ඔබ දැක්වූ සහායට ස්තුතියි. 

ට්විටර් ප්‍රතිචාර

පළමු විවාදයේදී ට්විටර් ජාලයේ ප්‍රතිචාර පල වූ ප්‍රධාන කරුණු පහ මේ

  1. ආර්ථිකය 
  2. විදේශ කටයුතු 
  3. පරිසරය සහ බලශක්තිය 
  4. ත්‍රස්තවාදය 
  5. තුවක්කු 
විවාදයේ ප්‍රධාන කරුණු
Twitter

පුවත් සිරස්තල දෙකක්

ක්ලින්ටන් -ට්‍රම්ප් විවාදය කෙරෙහි ලෝක ජනමාධ්‍යවල ප්‍රධාන අවධානය පලවෙද්දී, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව ඇතුළු දෙස් විදෙස් මාධ්‍යවල අවධානය පල වී තිබිණ. 

ලසන්ත වික්‍රමතුංගගේ දේහය මිහිදන් කර තිබුණු ස්ථානය
BBC

විවාදය මෙහෙය වූ හෝල්ට්ට ට්‍රම්ප් ගෙන් දෝස්මුරයක්

විවාදය මෙහෙය වූ ලෙස්ටර් හෝල්ට්, හිලරි ක්ලින්ටන්ට වඩා තමන් දැඩි ලෙස ප්‍රශ්න කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ක්ලින්ටන් සහ ට්‍රම්ප්
AP

උණුසුම් විවාදයෙන් මොහොතකට පසු

ඉතා උණුසුම් විවාදයෙන් මොහොතකට පසු ප්‍රතිවාදීන් දෙදෙනා 

Clinton and Trump
Getty Images

ඇමෙරිකානු මාධ්‍යවල මතය

රටේ ජනතාවට අදාළ වැදගත් කරුණු විවාදයේ අවධානයට ලක් නොවුන බව New York Times පුවත්පතේ මතයයි. 

මේ අතර Washington Post පුවත්පත පවසන්නේ විවාදයේ ජයග්‍රහණය හිලරි ක්ලින්ටන්ට අත් වූ බව. 

විවාදය පුරා හිලරි ක්ලින්ටන්ට අභියෝගයක් වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් 'දැඩි අරගලයක නිරත වූ බව' Fox News මාධ්‍ය ආයතනයේ නිගමණය.

LA Times - සෑම වටයකම ජයග්‍රහණය ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාවට අත් වූ බවයි පුවත්පත පවසන්නේ.

විවාදයෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් බව දක්ෂිණාංශික Breitbart පුවත්පතේ මතයයි.

වොෂින්ටනයේ පල වන The Hill දේශපාලන පුවත්පත - ක්ලින්ටන් ජයගත් බව දේශපාලන විශ්ලේෂකයන් පැවසුවත්, පාඨකයන්ගේ නිගමනය වී තිබෙන්නේ ට්‍රම්ප් ජයගත් බව.  

ෆේස්බුක් ප්‍රතිචාර

බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ ඔබ පල කර තිබුණු ප්‍රතිචාර මේ 

Indika Yasadharshana Bandara if trump win they can destroy ISIS. same like mahinda rajapaksha...otherwise they have to pay hundreds of innocent lives for terrorist.  

View more on facebook

ඩොනල්ඩ් ට්‍රම්ප් සෑන්ඩ්විච්

ඩොනල්ඩ් ට්‍රම්ප් සෑන්ඩ්විච් නිෂ්පාදනය ආරම්භ කළ බව බෙල්ෆාස්ට් නුවර ආපනශාලාවක් පවසයි. 

ඔබේ ප්‍රතිචාර අපට කියන්න

ට්විටර් ජාලය ඔස්සේ හෝ සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ ඔබේ ප්‍රතිචාර අපට කියන්න 

බීබීසී සංදේශයේ වාර්තා

ක්ලින්ටන් - ට්‍රම්ප් විවාදය ගැන බීබීසී සිංහල සේවයේ වාර්තා: 

View more on facebook

ට්විටර් පණිවුඩ ලක්ෂ පණහක්

විවාදය පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවුඩ ලක්ෂ පණහක් නිකුත් වී තිබේ. 

එයින් සියයට 62 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. ට්විටර් පණිවුඩ 444,000 ක් විවාදය මෙහෙයවූ ලෙස්ටර් හෝල්ට් පිළිබඳව. 

විවාදය ගැන ට්විටර් පණිවුඩ
Getty Images

විවාදය ගැන ට්විටර් ජාලය ඔස්සේ සංවාදය

හිලරි -ට්‍රම්ප් පළමු විවාදයේ ජය හිලරිට gossip.kolomthota.com/%e0%b7%84%e0%b…

හිලරි -ට්‍රම්ප් පළමු විවාදයේ ජය හිලරිට gossip.kolomthota.com/%e0%b7%84%e0%b…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්තාව

විවාදය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වාර්තා කර තිබුණේ මෙලෙසින්. 

විවාදය ගැන ඔබේ ප්‍රතිචාර බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය හෝ ට්විටර් අඩවිය ඔස්සේ අප වෙත යොමු කරන්න. නොඑසේනම් ඔබට සරෝජ් පතිරණ වෙත ට්විටර් පණිවුඩයක් යොමු කළ හැකියි. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්තාව
SLBC

බීබීසී සිංහල ෆේස්බුක් අඩවියට ලැබුණු ඔබේ ප්‍රතිචාර

Susantha Pathirana Who ever the president America means America nothing could change nothing will Change 3rd world will suffer.  

ශ්‍රී ලංකාවේ මාධ්‍ය

අපේක්ෂිත පරිදිම ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍යවල අවධානය පල වී තිබෙන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මළ සිරුර යළි ගොඩගැනීම පිළිබඳව. ක්ලින්ටන් - ට්‍රම්ප් විවාදය ගැන ශ්‍රී ලංකා මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වී නැහැ. 

ශ්‍රී ලංකාවේ මාධ්‍ය
Infolanka

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිචාරය

"විවාදය ගැන ජනමත සමීක්ෂණවලින් මම ඉදිරියෙන්. (CNN හැරෙන්න - මම ඒක බලන්නේ නෑ). ස්තුතියි" - ඩොනල්ඩ් ට්‍රම්ප්. 

Wow, did great in the debate polls (except for @CNN - which I don't watch). Thank you!

හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිචාරය

"මේ විවාදයට සූදානම්වීම ගැන ට්‍රම්ප් මේ දැන් මා විවේචනය කළා. ඔබ දන්නවද තවත් කුමකටද මා සූදානම් වුනේ කියා. ජනාධිපති පදවිය දැරීමට." - හිලරි ක්ලින්ටන්.

Only one person on last night's stage is prepared to be Commander-in-Chief. Make sure she gets the chance:… twitter.com/i/web/status/7…

ඔබටත් ඡන්දය දෙන්න පුළුවන් - ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානුවන්ට තානාපතිවරයාගෙන් පණිවුඩයක්

Great question @arjunan. YES! Americans in #SriLanka can vote. Check fvap.gov/citizen-voter for more info about ho… twitter.com/i/web/status/7…

විවාදයේ උණුසුම් අවස්ථා - ඉංග්‍රීසි භාෂාවෙන්

ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

විද්‍යා ලේඛක සහ සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පල කළ අදහස් මේ 

1/2 @sarojpathi මහින්ද රාජපක්ෂ කිසිදා ජනපතිවරණ විවාදයකට නොආවත්, ඔහු ආවා නම් රග පාන්නට තිබුණේ ට්‍රම්ප් වැනිම භූමිකාවක්... #ClintonVsTrump

2/2 @sarojpathi @bbcsinhala MR & Trump: මමත්වය පෙරදැරි කර ගත්, වාගාලන්කාර බහුල, තර්ක-හීන, බුද්ධිගෝචර වනු වෙනුවට බිය හා සැක වපුරන කථා පමණයි!

ඔබේ ප්‍රතිචාර - සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්

Yasasvin Illangasinghe This time USA will get their worst President after Bush Jr. Trump is bad to USA and Hillary will ruin international world. More poor people will die.  

@sarojpathi @bbcsinhala Trump took advantage in first 45 min by disturbing Hilary , Hilary's polite way disadvantage for her..

විවාදය ගැන වැඩි විස්තර සංදේශයේ මේ පිටුවෙන්

බීබීසී සිංහල සේවයේ වාර්තාව: : http://www.bbc.com/sinhala/world-37482590

අපේක්ෂකයන් දෙදෙනා සිය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කරන විවාදය (In English)

UPDATE: ඩොනල්ඩ් ට්‍රම්ප් – හිලරි ක්ලින්ටන් අතර පළමු විවාදය නැරඹූ සංඛ්‍යාව මිලියන සියයක් dlvr.it/MLWHS9

UPDATE: ඩොනල්ඩ් ට්‍රම්ප් – හිලරි ක්ලින්ටන් අතර පළමු විවාදය නැරඹූ සංඛ්‍යාව මිලියන සියයක් dlvr.it/MLWHS9

විවාදයේ ජය කාටද? - ඇන්තනි සර්චර්ගේ විග්‍රහය

නීතිවේදිනියක සහ ව්‍යාපාරිකයකු අතර විවාදයක් ලෙසිනුයි බීබීසී වාර්තාකරු එම විවාදය හඳුන්වන්නේ.

හිලරි ක්ලින්ටන් ජවයකින් යුතුව විවාදය පාලනය කළ බව පවසන ඔහු, ඩොනල්ඩ් ට්‍රම්ප් දිගටම විවාදයේ රැඳී සිටීමට අරගලයක යෙදුනු බවත් පවසයි. 

බරක් ඔබාමාගේ උපන් බිම පිළිබඳ ව්‍යාජ චෝදනාව සහ සිය ව්‍යාපාරයට අදාළ බදු ගෙවීම සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු පිළිබඳව නීතිවේදිනිය ව්‍යාපාරිකයාට චෝදනා එල්ල කළාය. ඒ අතර වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සහ දේශපාලන පරපුරක පුරුකක් වීම පිළිබඳව ට්‍රම්ප් ඇයට චෝදනා නැගුවේය.

විවාදය මෙහෙය වූ ලෙස්ටර් හෝල්ට් ප්‍රබල දායකත්වයක් සැපයූ බවත් බීබීසී වාර්තාකරු පවසයි. 

ලෙස්ටර් හෝල්ට්
AP
විවාදය මෙහෙයවූයේ ලෙස්ටර් හෝල්ට් විසින්