BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

රුසියාවේ පුසි රයට් ගායිකාවන් ට වසර දෙකක සිර දඬුවම්

2012 අගෝස්තු 17 - 16:40 GMT
Pussy Riot team members

කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය.

පසුගිය පෙබරවාරි මාසයේ මොස්කව් අගනුවර ප්‍රධාන දේවස්ථානයේ දී පුසි රයට් ගායිකාවන් තිදෙනා ජනාධිපති පූතින්ට එරෙහිව ගීයක් ගායනා කිරීමෙන් අනතුරුව ඔවුන් සිරභාරයේයි පසු වන්නේ.

මෙය රුසියාවේ මෑත ඉතිහාසයේ මහජන අවධානය තදින් යොමු වූ නඩු විභාගයක්.

නඩුව විභාග කළ මරීනා සිරෝවා විනිසුරුවරිය කියා සිටියේ ගායිකාවන් තිදෙනා දේශපාලන සහ ආගමික වෛරයෙන් අපරාධයක් කර ඇති බවයි.

විත්තිකාරියන් තිදෙනා වීදුරු කූඩුවක් තුළ රඳවා සිටි අතර ඔවුන් සමස්ත රුසියානු සමාජයට සහ ආගම් අදහන්නන්ට අගෞරව කර ඇති බවයි උසාවිය ප්‍රකාශ කළේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter