BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

චීන පාලනයේ හිටපු නායකයකුගේ බිරිඳට මරණ දඬුවම

2012 අගෝස්තු 20 - 13:38 GMT
Gu Kailai

බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකු මරා දැමීයැයි චෝදනා ලද කාන්තාවකට මරණීය දණ්ඩනය නියම කළ චීන උසාවියක් එම දඬුවම අත්හිටවනු ලැබීය.

විත්තිකාරිය චීන පාලනයේ මුදුන් පෙත්තේම සිටි නායකයකුගේ බිරිඳයි.

ගු කයිලායි නම් එම කාන්තාව විසින් සිදුකරන ලද අපරාධය හේතුවෙන් ඇගේ ස්වාමි පුරුෂයාට පාලන තන්ත්‍රයේ ඉහළ පදවි අහිමිවීම වූ අතර, පාලක කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ වෙනසක් සඳහා සූදානමක් පවතිද්දී පක්ෂ අභ්‍යන්තර බෙදීම් හෙළිදරව් වීමට ද එය පාදක විය.

නීල් හේවුඩ් නම් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයාට පසුගිය වසරේ දිනක වස දුන් බව විත්තිකාරිය උසාවියේදී පිළිගත්තාය.

චූදිත කාන්තාවට ජීවිතාන්තය තෙක් සිරභාරයේ සිටීමට සිදු විය හැකි බවයි පැවසෙන්නේ.

එම අපරාධයේදී ඇයට සහාය වූවකුට අවුරුදු නවයක සිර දඬුවමක් නියම විය.

ඒ හැර, අපරාධය වසන් කිරීමට තැත් දැරූ ඉහළ මට්ටමේ පොලිස් නිලධාරීන් හතර දෙනකුට ද වෙනත් නඩු විභාගයකදී සිර දඬුවම් නියම විය.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter