BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

බාල් තාකරේ හෘදයාබාධයකින් මිය යයි.

2012 නොවැම්බර් 17 - 18:03 GMT
Bal Thackeray

ඉන්දියාවේ හින්දු ජාතිවාදී දේශපාලකයකු වූ බාල් තාකරේ (Bal Thackeray) හෘදයාබාධයකින් මිය යයි.

මිය යන විට ඔහු අසූ හය වැනි වියේ පසු විය.

අන්ත දක්ෂිණාංශික ශිව් සේනා සංවිධානය පිහිටුවන ලද්දේ තාකරේ විසින්.

වෘතියෙන් කාටුන් ශිල්පියකු වූ තාකරේ ශිව් සේනා සංවිධානය පිහිටුවන ලද්දේ 1966 වර්ෂයේදීයි.

ඔහු හින්දු ජාතිකවාදී ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේම අදහස් පල කළ මුල්පෙළේ නායකයෙක්.

1983 මුම්බායි කැරළි ගැසීම් සිදුවූ සමයෙහි හින්දු - මුස්ලිම් ප්‍රජාවන් අතර රුම් අවුළුවාලීම සම්බන්ධයෙන් බාල් තාකරේට විවේචන එල්ලවූ අවස්ථාවේ ඔහු ඉන්දියාව තුල මෙන්ම විදෙශයේත් අපකීර්තියට ලක්විය.

හින්දු මූලධර්මවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින ශිව් සේනා ව්‍යාපාරය භාරතීය ජනතා පක්ෂය සමග ඉතා සමීප සබදතාවක් පවත්වයි.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter