BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

පහර දිය යුතු ඉලක්ක සිය ගණනක් ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

2012 නොවැම්බර් 17 - 17:06 GMT
Gaza

ගාෂා තීරය අභ්‍යන්තරයේ පහර දිය යුතු තවත් ඉලක්ක සිය ගණනක් ඇතැයි ඊශ්‍රායල යුද හමුදාව බී.බී.සියට ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය, ගාෂා තීරයේ පාලන බලය හිමි හමාස් ව්‍යාපාරයට සහ එහි සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව පහර දෙන හතර වැනි දිනය අදයි.

හමාස් සංවිධානයට අයත් ඕනෑම පුද්ගලයකුට හෝ දේපලකට එරෙහිව පහරදීම නීත්‍යනුකූල වේය යන්න ඊශ්‍රායල් හමුදාවේ මතයයි.

ඊශ්‍රායල් ප්‍රකාශිකාවක් අදහස් දක්වමින්, තමන්ගේ ඉලක්කය පලස්තීන රොකට් ප්‍රහාරවලින් තම රටවැසියන් රැක ගැනීම සහ එවැනි ප්‍රහාර එල්ල කරන පලස්තීන සන්නද්ධ කොටස් විනාශකර දැමීම බවයි කියා සිටියේ.

ඊශ්‍රායල් ප්‍රහාරක යානා විසින් ඊයේ රාත්‍රියේ, ගාෂා තීරයේ හමාස් අගමැති කාර්යාලයට සහ කැබිනට් මණ්ඩල කාර්යාලයට බෝම්බ හෙලනු ලැබීය.

එම ප්‍රහාර වලින් ළමයින් ඇතුළු පලස්තීන වැසියන් හතලිස් දෙනෙක් මිය ගියහ.

ටෙල් අවීව් (Tel Aviv ) නුවර ඉලක්ක කර ගනිමින් අද සෙනසුරාදා එල්ල කරන ලද මිසයිලයක් තමන් විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රක්සෂ කළේය.

මේ අතර ගාෂා තීරයේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශයක් කරන ටියුනීසියානු විදේශ ඇමති වරයා,ඊශ්‍රායල් ආක්‍රමණය නතර කිරීමට පියවර ගන්නා මෙන් අරාබි රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter