BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

බ්‍රිතාන්‍යයත් සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය පිළිගනියි

2012 නොවැම්බර් 20 - 14:15 GMT
William Hague

සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය සිරියානු ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසින් පිළිගන්නා බව බ්‍රිතාන්‍යය නිවේදනය කළා.

සිරියානු නව විපක්ෂ සන්ධානය එසේ පිළිගත් දෙවැනි බටහිර රාජ්‍යය බ්‍රිතාන්‍යයයි.

නව විපක්ෂ සන්ධානය පිහිටුවා ගැනීම සිරියානු ජනතා අරගලයේ සන්ධිස්ථානයක් ලෙසින් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය විලියම් හේග්, සිරියානු විපක්ෂයට ලබා දෙන ආධාර වැඩි කරන බව ද නිවේදනය කළා.

ඩොලර් දස ලක්ෂයකට වඩා වටිනා සන්නිවේදන උපකරණ නව සන්ධානයට ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ.

කෙසේ නමුත් හමුදා ආධාර ලබාදීම පිළිබඳව ඔහු කිසිවක් සඳහන් කළේ නැහැ.

සියලුම ගල්ෆ් කලාපීය රටවල්, තුර්කිය, සහ ප්‍රංශය සිරියානු ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසින් සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය මේ වන විට පිළිගෙන තිබෙනවා.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter