ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රග්බි ක්‍රීඩකයන් ද්‍රෝහීන් නොවේ'

ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ කිරීමෙන් වැලකී සිටින ජ්‍යෙෂ්ට රග්බි ක්‍රීඩකයන් ද්‍රෝහීන් ලෙසින් හැඳින්වීමට නායක යෝෂිත රාජපක්ෂට අයිතියක් නැතැයි මහනුවර ක්‍රීඩා සමාජයේ මලික් සමරවික්‍රම කියයි.

ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ලැබීමට වඩාත්ම සුදුස්සා ෆාදිල් මරිජා යයි තමන් විශ්වාස කරන බවද මලික් සමරවික්‍රම බීබීසී සංදේශයට පැවසීය.