ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රටට ද්‍රෝහි වෙනවා නම් විනය පියවර ගන්නවා'

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් රටට ද්‍රෝහි වෙනවා නම් විනය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

එමෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් ද්‍රොහීන් ලෙසින් නම් කිරීමට රග්බි කණ්ඩායමේ නායක යෝශිත රාජපක්ෂට අයිතියක් තිබෙන බවද ඇමතිවරයා බීබීසී සංදේශයට පැවසීය. වෙනත් ජාතික ක්‍රීඩා කණ්ඩායම්වල නායකයන්ටත් ඒ හා සමාන අයිතියක් තිබෙන්නේදැයි සංදේශය ඔහුගෙන් ප්‍රශ්ණ කළේය.