ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'චැනල් 4 චෝදනා ගැන පරීක්ෂණයක් ඕනෑ'

බ්‍රිතාන්‍ය චැනල්4 රුපවාහිනිය මගින් විකාශනය කරන ලද යුද අපරාධ චෝදනා ඇතුලත් වීඩියෝ පට පිළිබඳව අදහස් දක්වූ සරත් ෆොන්සේකා, තමන් ඒවා දැක නැතත්, එහි අඩංගු චෝදනා ගැන පරීක්ෂණ පැවැත්වීමද ආණ්ඩුවේ වගකීමක් බව කියා සිටියේය.

විශේෂයෙන්ම අත් අඩංගුවට පත් එල්ටීටීඊ සැකකරුවන් පිරිසකගේ අතපය බැඳ දමා වෙඩිතැබීමේ චෝදනාව පිළිබඳව අදහස් දැක්වූ ඔහු එම සිදුවීම හමුදා සොල්දාදුවන් පිරිසකට එල්ටීටීඊය වෙඩි තැබීමේ සිදුවීමක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.