ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'කළු ජූලිය වලක්වන්න ආණ්ඩුව පියවර ගත්තේ නෑ'

ශ්‍රී ලංකාවේ දහස් ගණනක් දෙමළ ජාතිකයන් මරා දමා තවත් තවත් දස දහස් සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි කෙරුණු 1983 කළු ජූලිය වැළැක්වීම සඳහා එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත් බව එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය පවසයි.

එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සොල්දාදුවන් දහ තුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියේ මුල් පැය විසිහතර ඇතුලත එය වැළැක්වීම සඳහා එදා පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බවයි එජාපෙ මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට කියා සිටියේ.

1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.