ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පුහුණුකරු නැතිවීම ලොකු පාඩුවක්'

ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී තම පුහුණුකරු නැතිවීම සිය දක්ෂතා දැක්වීමට ප්‍රබල බාධකයක් වූ බව ඉලක්කයට වෙඩි තැබීමේ ඉසවුවෙන් තරඟ වැදුණු මංගල සමරකෝන් පවසයි.

තමා දන්නා තරමින් තමා සමඟ තරඟ වැදුණු සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලන්ඩනයට පැමිණ සිටි බව ඔහු බීබීසී සංදේශයට පැවසීය.

"පැහැදිලිවම මගේ පුහුණුකරු නැතිවීම මට ලොකු පාඩුවක්," ඔහු අවධාරණය කරයි.