ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ක්‍රීඩාලෝලීන් ට හමුදාව පහර දීම ගැන පරීක්ෂණ නෑ'

මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායම අතර මහනුවරදී පැවති රග්බි තරඟයකින් අනතුරුව හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට පහර දුන් බව මහනුවර ක්‍රීඩා සමාජය පවසයි.

ජනාධිපති පුතුන් තිදෙනා ද ඇතුලත් නාවික හමුදා කණ්ඩායම තරඟයෙන් පරාජය වීමෙන් අනතුරුව මෙම පහර දීම සිදුවූ බවයි, මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපති ලසන්ත විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.