මහාචාරිනී රත්නා හන්දුරුකන්ද

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 12 බදාදා - 11:57 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහාචාරිනී රත්නා හන්දුරුකන්ද අත ඇති පොත ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය තුල අවලෝකිතේශ්වර බෝධිසත්වයන් හිමි කර ගන්නා ස්ථානය විමසමින් මහාචාර්ය ජෝන් ක්ලිෆර්ඩ් හොල්ට් ලියූ Buddha in the Crown ග්‍රන්ථයේ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර පරිවර්තනය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහාචාරිනී රත්නා හන්දුරුකන්ද අත ඇති පොත ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය තුල අවලෝකිතේශ්වර බෝධිසත්වයන් හිමි කර ගන්නා ස්ථානය විමසමින් මහාචාර්ය ජෝන් ක්ලිෆර්ඩ් හොල්ට් ලියූ Buddha in the Crown ග්‍රන්ථයේ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර පරිවර්තනය.

සංස්කෘත විෂය සඳහා 1955 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලද රත්නා හන්දුරුකන්ද 1957 දී දිනු ශාස්ත්‍රවේදී උපාධිය වෙනුවෙන් හදාළේ වෛදික හා ශාස්ත්‍රීය සංස්කෘතය. ශිෂ්‍යත්ව ලාභිනියක ලෙසින් කේම්බ්‍රිජ් සරසවියෙන් ඇය ආචාර්ය උපාධිය ලද්දේ ප්‍රාචීන අධ්‍යයනය සඳහා. ඉන්දීය කටයුතු අධ්‍යයනය සඳහා වන භවෝනගර් මුද්‍රිකාවත්, ඉන්දීය පුරාවිද්‍යාව සඳහා වන තෝමස් යං මුද්‍රිකාවත් 1959 දී කේම්බ්‍රිජ් සරසවියෙන් දිනා ගත්තේ රත්නා හන්දුරුකන්ද. ජ්‍යෙෂ්ට කථිකාචාර්ය වරියක් ලෙසින් 1969 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයට බැඳුනු ආචාරිණී රත්නා හන්දුරුකන්ද විශ්‍රාම ගියේ එහි සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ සංස්කෘත පිලිබඳ මහාචාර්යවරිය ලෙසින්. ඒ කාල වකවානුව තුල මහාචාරිනී හන්දුරුකන්ද ජර්මනියේ, රුසියාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි පර්යේෂණ වල නියැලි ශාස්ත්‍රවන්තියක්. මහායාන බෞද්ධ ධර්මය සම්බන්ධයෙන් කළ පර්යේෂණ ඇසුරින් ශාස්ත්‍රීය ලිපි ලේඛන හා ග්‍රන්ථ රචනා කොට ඇති මහාචාරිනී හන්දුරුකන්ද කියවන්නේ මහාචාර්ය ජෝන් ක්ලිෆර්ඩ් හොල්ට් ගේ Buddha in the Crown.

සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, හින්දි, මරාති හා ප්‍රාකෘත බසෙහි හසල වාග් විද්‍යාඥ මහාචාර්ය මීගස්කුඹුරයන් ලියූ ග්‍රන්ථ අතුරින් පෙරදිග මීමංසා ශාස්ත්‍රය , නූතන අර්ථ නිරූපන වේදය හා සෞන්දර්ය විචාරය මෙන්ම සිරිලක වැදි ජන පුරාණය රාජ්‍ය සම්මානයෙන් පුද ලද කෘති. ඔහු විසින් සිංහලට නගන ලද Buddha in the Crown ලියු මහාචාර්ය ජෝන් ක්ලිෆර්ඩ් හොල්ට් ඇමරිකා එක්සත් ජනපදයේ බෝදොයින් සරසවියේ ආසියානු මානව ශාස්ත්‍ර හා සාමයික අධ්‍යයනය පිලිබඳ අංශයේ මහාචාර්යවරයායි. ෆුල්බ්‍රයිට් අධි ශිෂ්‍යත්ව දෙකක් ඇතුළු පර්යේෂණ ශිෂ්‍යත්ව ගණනාවක්ම දිනා ඇති මහාචාර්ය හොල්ට් ශ්‍රී ලංකාව හා බුද්ධාගම අලලා ලියා ඇති ලේඛන සම්භාරය වෙනුවෙන් 2002 දී පේරාදණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියෙන් පුද ලැබුවෙක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.