ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලීල් ගුණසේකර

  • 2013 අප්‍රේල් 3

ජඹුරලිය පාසලෙන් මුලික අධ්‍යාපනය ලද ලීල් ගුණසේකර පහේ ශිෂ්‍යත්වය සමත්ව බෙන්හැම් ශිෂ්‍යත්ව ආධාර ලබාගත්තෙක්.ඉංග්‍රීසි ඉගෙනීමට අටවැනි පන්තියේදී පානදුර ශාන්ත ජෝන් විදුහලට ඇතුල් වූ ඔහු එතනින් ගියේ මාතලේ ශාන්ත ජෝන් විදුහලට. මාතලේ ශාන්ත සිල්වෙස්ටර් විදුහලින් පාසල් අධ්‍යාපනය නිමවූ ලීල් ගුණසේකරයන්, ඉන් අනතුරුවයි ලංකා විශ්ව විද්‍යාලයට ඇතුල් වූයේ.

ලංකා විදේශ සේවා විභාගයෙන් සහ සිවිල් සේවා පරීක්ෂණයෙන් එකවර සමත් වූ ඔහු, 1957 පටන් දිවයිනේ විවිධ පළාත්වල ඉහළම පරිපාලන තනතුරු හෙබැවී. සංස්කෘතික අධ්‍යක්ෂක තනතුරද ඉසුලූ ලීල් ගුණසේකරයන් හට ,1971 අප්‍රියෙල් කැරැල්ල සමයෙහි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය විසින් මුල් පෙළේ රාජ්‍ය ආරක්ෂක බලධාරී නිලයක් ද පවරන ලදී.

අනුරාධපුර අතිරේක දිසාපති පදවියේ කටයුතු කළ සමයෙහි ඇසුරු කළ ජන ජීවිත ඇසුරින්, ලීල් ගුණසේකරයන් විසින් ලියන ලද කුළුඳුල් නවකතාවයි 'පෙත්සම'. පෙත්සම නවකතාව හැඩ කළ ලීල්ගේ ළිහිල් බස ආලෝකමත් කළේ නුවර කලාවියේ ජනවහර. සිය මුල්ම නවකතාව වෙනුවෙන් 1961 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් ලීල් ගුණසේකරයන්, ඉන් අනතුරුව ලියූ නවකතා දෙක 'අත්සන සහ 'මං නැතිදා'.