ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජ්‍යෙෂ්ටයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්නේ නෑ - සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් තිදෙනා වන මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන් සහ කුමාර් සංගක්කාර විශ්‍රාම ගත යුතු කාලය තීරණය කිරීම ඔවුන්ගේ වගකීමක් බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.

ඔවුන් කැපවීමකින් සහ උනන්දුවෙන් ක්‍රීඩා කරන තුරු ඔවුන්ට බලපෑම් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව බීබීසී සංදේශය සමඟ ප්‍රකාශ කළ ඔහු, කෙසේ නමුත් ඔවුන්ගේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් තිදෙනා සමඟ සාකච්ඡා කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ජ්‍යෙෂ්ටයන් විශ්‍රාම ගන්නා විට කණ්ඩායම වෙනුවෙන් නව පරපුරක් බිහිකිරීම පිණිස සැලසුමක් සකස් කොට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවද සනත් ජයසූරිය බීබීසී සංදේශය මැදිරියට පැමිණි අවස්ථාවේ කියා සිටියේය.

දැනට දස්කම් අතර නොසිටියත්, මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා ඇන්ජලෝ මැතිව්ස් බවද තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.