දයා ද අල්විස්

11 ජූලි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:42 GMT

ලේඛිකා සහ ගුවන් විදුලි ශිල්පිනී දයා ද අල්විස් සිත රැඳි නවකතාව සෝමපාල රණතුංගයන්ගේ ඓතිහාසික නවකතා යුගලයෙන් එකක්.

ගායන ශිල්පී මිල්ටන් පෙරේරා වෙනුවෙන් හැටේ දශකය අගදී ලියු ‘කඳුළු අතරට සිනා රැලි වෙමි,’ ගීතයේ පටන් දයා ද අල්විස් ලියා ඇති ගේය පදවැල් ගණනින් තුන්සියය ඉක්මවයි. නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලිය සමගින් 1964 දී එක්වුණු දයා ඉන් සමුගත්තේ දශක තුනක් ඉක්මවූ යුගයක් ශ්‍රාවක සවන් සැනහීමෙන් අනතුරුවයි. ඇගේ ලිපි ලේඛන සම්භාරය අතර කෙටිකතා මෙන්ම පුවත් පත් තීරු ලිපිද බොහොමයි. මුලින්ම සිළුමිණ පුවත්පතේ හැටේ දශකය මුලදී කොටස් වශයෙන් පළ කැරුණු ‘ඇස් දෙක’ නවකතාවේ රචකයා දයා ගේ සැමියා සෝමපාල රණතුංග.

සෝමපාල රණතුංග

ලේක්හවුස් කර්තෘ මණ්ඩල සාමාජික සෝමපාල රණතුංග ගේ මුල්ම නවකතාව ‘ඇස් දෙක’ පොතක් ලෙසින් පළමුවෙන් පළ කැරුණේ 1960 දී. 2013 වනවිට එය මුද්‍රණය වූ වාර ගණන අටක්. කොළඹ යුගයේ කවියකුද වූ සෝමපාල රණතුංගයන් ජීවිතයේ තුන්වැනි දශකය මැදදී ලොවින් සමුගන්නා විට ලියා පළ කොට තිබු දෙවැනි ඓතිහාසික නවකතාවයි ශෛල කල්‍යාණි.