ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවනේ සිට බිමට පැන රුසියානු කාන්තාවන්ගෙන් අලුත් වාර්තාවක්

මලක් නිර්මාණය වන ආකාරයට ගුවන්ගත වෙමින් තිබුණු ගුවන් යානාවලින් එක් වර බිමට පනිමින් රුසියානු කාන්තාවෝ එක සිය එක් දෙනකු අලුත් රුසියානු වාර්තාවක් පිහිටවූහ.

වාර්තාව පිහිට වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කාන්තාවන් පිරිස කියා සිටියේ පසුගිය වසරේ කැලිෆෝනියාවේදී එවැනිම උත්සාහයකදී මියගිය සිය කණ්ඩායමේ හිටපු කපිතාන්වරිය, ඉරීනා සිනිස්තිනා ට එම ජයග්‍රහණය පුද කරන බවයි.

කාන්තාවන් අසූ අට දෙනකු සමඟින් ගුවනේ සිට බිමට පනිමින් මීට ඉහතදී වාර්තාව පිහිටුවා තිබුනේ ඇගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින්.