ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බීබීසී සිංහල සිරස ඔස්සේ දහයයි දහයට

  • 2013 අගෝස්තු 1

අගෝස්තු පළමු වෙනිදා, අද පටන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්‍රවෘත්ති සංග්‍රහයේ මංගල විකාශය ලංකාවේ වේලාවෙන් රෑ දහයයි දහයට විකාශය විය.

සිරස් එෆ්.එම් ඔස්සේ විකාශනය කෙරෙන බී.බී.සී ප්‍රවෘත්ති සංග්‍රහයට ශ්‍රී ලංකාවේ මෙන් ම කලාපීය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රධාන පුවත් ඇතුළත් කෙරෙනු ඇත.

සඳුදා පටන් සිකුරාදා තෙක් සතියේ දිනවල රාත්‍රි දහයයි දහයටයි බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති විකාශනය කෙරෙන්නේ.

බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස එෆ්. එම් සේවාවේ විකාශනය වෙන්නේ, 106.5 තරංග මාලා ඔස්සේ.