ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘අලින්ගේ වාස භවන’ - ශ්‍රී ලංකාව

බීබීසී රුපවාහිනි සේවය ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන "Sri Lanka: Elephant Island" නමින් නිෂ්පාදනය කළ පැයක වාර්තාමය වැඩසටහනකින් බිඳක් මේ.

ච්ත්‍රපටයේ දැක්වෙන සිත් වශී කරන මේ දර්ශනය හරිම මනස්කාන්තයි.

මේ පැටියා රැළට එක් වුණේ අලුතෙන්. ඒත් අලි පැටියාගේ පැමිණීම මවත් තවත් ඇතින්නියක් අතර ගැටුමක් හට ගැනීමට පාදක වුනා.

අලි පැටියාට මේ ආරක්ෂාව දෙන්නේ ඒ සුරතලාගේ මව නොවෙයි. මව අසල සිටින වෙනත් ඇතින්නියක්.

තමන්ට සමීප කර ගැනීමට පැටවාට ඇය දක්වන්නේ අපූර්ව ඇල්මක්.

එයට මවගේ කැමැත්තක් නැහැ.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ හැසිරීම අප්‍රිකානු අලි ඇතුන්ට වඩා වෙනස් බවයි සම්මානලාභි කැමරාකරු මාර්ටින් කොල්බෙක් (Martyn Colbeck) පවසන්නේ.