ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රක්ෂණ වන්දි නොගෙවූ සමාගමට විරෝධය

පෞද්ගලික රක්ෂණ සමාගමකට එරෙහිව හලාවත පැවති උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත් වී විසුරුවා හරී.

සිය ගණනක් පිරිස සහභාගී වූ මෙම උද්ඝෝෂණය දියත් කර තිබුණේ හලාවත එච් එන් බී ඇෂුවරන්ස් (HNB Assurance) සමාගමට එරෙහිවයි.

විරෝධතා කරුවන් කියා සිටින්නේ එච් එන් බී ඇෂුවරන්ස් සමාගම සිය රක්ෂණ වන්දි ගෙවා නැති බවයි.

සියලුම වාහන රක්ෂණය කළ යුතු නමුත් අදාළ සමාගම් නිසි පරිදි වන්දි ගෙවන්නේද යන්න රජය සොයා නොබලන බවට විරෝධතාකරුවන් චෝදනා කළ බවයි එහි සිටි ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කළේ.

සමාගම ප්‍රතිචාර දක්වයි

එච් එන් බී ඇෂුවරන්ස් (HNB Assurance) සමාගමේ සාමාන්‍යාධිකාරී ලලිත් ප්‍රනාන්දු සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අඟහරුවාදා කියා සිටියේ රක්ෂණ වන්දිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමේ මාර්ගය උද්ඝෝෂණ නොවන බවයි.

ඔහුගේ අදහස් බදාදා බීබීසී සංදේශයේ.