ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියානු සබ්මැරීන් පිපිරීමෙන් ජීවිත රැසක් අනතුරේ

මුම්බායි නගරය අසල නතර කර තිබුන ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක සිදුවූ පිපිරීමකින් නාවික භටයන් රැසක් මරණයට පත් වූ බව නිවේදනය කෙරිණ.

එහි සිටි නැවියන්ගෙන් කිසිවකුගේ දිවි බේරී ඇති බවට ලකුණු තවමත් දක්නට නැති බවයි, වාර්තා වන්නේ.

සබ්මැරීනය තුල පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත් එහි නැවියන් දහ අට දෙනෙකු සිටි බවත් ඉන්දීය නාවික හමුදා ප්‍රධානි ඩි. කේ. ජෝෂි ප්‍රකාශ කරයි.

මෙය ඉන්දියාව මෑත මුහුණ දුන් බරපතලම නාවික අනතුර යයි කියා සිටි ඉන්දීය ආරක්ෂක ඇමති ඒ.කේ. අන්තෝනි, සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර කිරීමෙන් වැලකි සිටියේය.

මෙම පිපිරිම හදිසි අනතුරක් විය හැකි බවට ඉන්දීය නාවික බලධාරීන්ගේ විශ්වාසයයි. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් ඇති බවත් වාර්තාවෙයි.

රුසියාවේ නිෂ්පාදනය කරන ලද ‘INS සින්ධු රක්‍ෂාක්’ නම් ඉහත කී සබ්මැරීනය සේවයේ යෙදවීමට පෙර මෙම වසර මුලදී විශාල අලුත්වැඩියා කිරීමකට ලක් කොට ඇත

2010 වසරේ ද ඉන්දියාවට අයත් සබ්මැරීනයක් තුළ සිදු වූ මෙවැනිම පිපිරීමකින් නාවිකයෙකු මිය ගිය බව වාර්තාවන්හි දැක්වෙයි.